ඊයේ (26) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1078ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1074 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි 4 දෙනෙකු වශයෙනි.
මෙසේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1000 මට්ටම කරා පහළට පැමිණියේ කලකට පසුවය.
මෙතෙක් මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ සමග 513609ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේදී මෙරට පීසීආර් පරීක්ෂණ 9997ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3633ක් සිදුකර ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.
(LNW)