වයස අවුරුදු 12 - 19 අතර දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදීම සහ පාසල් විවෘත කිරීම යනු එකිනෙකින් ස්වායක්ත කරුණු දෙකක් බවත් පාසල් විවෘත කිරීමට පෙර සිසුන්ට එන්නත් ලබාදිය යුතු බවට ස්ථාවරයක් නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.
ඒ අනුව ඉක්මනින්ම පාසල් විවෘත කළයුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
"පාසැල් විවෘත කිරීමයි ඒ වගේම පාසැල් සිසුන් අවුරුදු 12 - 19 කණ්ඩායම වැක්සිනේට් කිරිල්ලයි දෙක කරුණු දෙකක්. ඒ කියන්නෙ වැක්සිනේට් කරලා පාසල් විවෘත කිරීම සඳහා සිටිය යුතුයි කියන ස්ථාවරයක් නෑ. අනිත් පැත්තට යුනෙස්කෝ සංවිධානයයි ලෝක සෞඛ්‍ය සංවිධානයයි යුනිසෙෆ් එකයි තුන් කට්ටියම කියනවා පාසැල් විවෘත කරන්නම කියන කාරණය තමයි ඒ අය පැහැදිලි නිර්දේශ දීලා තියෙන්නෙ. පාසල් වසා තැබීමෙන් වෙන පාඩුව හුඟාක්ම වැඩියි කියලා. ඒක හින්දා වෛද්‍ය ක්ෂේත්‍රවල මතය පාසැල් විවෘත කිරීම අපේ ප්‍රමුඛතාවයක් වියයුතුයි කියන එක තමයි"
(LNW)