සිය වැටුප් ගැටළුව විසදීමට මෙම අවස්ථාවේ රජය සතුව මුදල් නොමැති බවට වගකිවයුත්තන් කිසිවෙකුත් මෙතෙක් තමන් වෙත ප්‍රකාශ කර නොමැති බව වර්ජනයේ නිරත ගුරු විදුහල්පති සංගම් පවසනවා.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුවහොත් සිය ස්ථාවරය පැහැදිලි කළ හැකි බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ.
කෙසේවෙතත් ලංකා ගුරු සේවා සංගමය පවසන්නේ රජය සතුව මුදල් නොමැති බවට සිදුකරන ප්‍රකාශ ගුරු විදුහල්පතිවරුන් පිළිනොගන්නා බවයි.
පාසල් යළි ආරම්භ කිරීමට පෙර, වැටුප් ගැටළුවට විසදුමක් ලබාදීමට බලධාරීන් පියවර ගත යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ වර්ජනයේ නිරත ගුරු විදුහල්පතිවරුන් සිය ඉල්ලීම් වෙනුවෙන් දැනටමත් ජයග්‍රහණය කර ඇති බවයි.
(Neth)