Wednesday, September 24, 2025
Follow Us
හිරවූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග තවමත් වරායේ

නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ රදවා ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කර ගැනීමට මහ බැංකුව කඩිනමින් මැදිහත් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ඉකුත්දා නියෝග කළා.

ඒ, ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදීයි.

ඒ අනුව තමන් සතු ලියකියවිලි වෙළද අමාත්‍යාංශයට භාරදුන් බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවේ.

ඒ අනුව මෙම සතිය තුළ සිය අත්‍යවශ්‍ය භාණ්ඩ අයත් බහාලුම් නිදහස් කර ගැනීමට හැකිවනු ඇතැයිද ඔහු සදහන් කළා.

ඉදිරියේදී අපනයනය කෙරෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සදහා ද විසදුමක් ලබාදිය යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

(Neth)