රූකඩ යොදාගනිමින්,විවිධ ප්‍රහාර එල්ල,මඩ අවලාද නගමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති අරගලය පරාජය කිරීමට නොහැකි බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.
ස්ථාවර විසඳුමක් ලැබෙන තුරු මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක අතර අයවැයෙන් විසඳන කතා පිළිගත නොහැකි හෙයින් මුදල් ඇමතිවරයා සමඟ සාකච්ජාවක් ලබදෙන ලෙසයි ඔහු අවධාරණය කළේ.
මුදල් ඇමතිවරයා සමඟ සාකච්ජාවක් ලබා ගැනීමට අතරමැදියෙකු ලෙස කටයුතු කරන බවට අධ්‍යාපන ලේකම් පවසා ඇතත් දැන් මාධ්‍ය හමුවේ ඔලමොට්ටල කතා කියමින් සිටින බවද ජයසිංහ මහතා සඳහන් කරන ලදී.
(LNW)