ත්‍රිපෝෂ වලට සිද්ද වෙච්ච දේ
ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිවීම නිසා ත්‍රිපෝෂ අසුරන ලද බෑග් එක්කෝටි පනස්ලක්ෂයක් පමණ ගබඩාවල ගොඩගැසී ඇතැයි ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පැවසුවේය.
දුම්රිය ධාවනය නොවීම, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවල ලොරි රථ කොවිඩ් එන්නත් කටයුතු සඳහා යොදවා තිබීම හේතුවෙන් ත්‍රිපෝෂ බෙදාහැරීමේ කටයුතු ප්‍රමාද වී තිබේ.
ත්‍රිපෝෂ ඇසුරුම් ලක්ෂ 16 ක් මාසයකට බෙදාහැරීම් කළයුතු වුවත්, මේ දිනවල සමස්ථ නිෂ්පාදනයෙන් සියයට 60 ක් පමණක් බෙදාහරින බවද සභාපතිවරයා පැවසුවේය.
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිගු මෙට්‍රික් ටොන් 10,000 ක් ආනයනය කිරීමට රජය අවස්ථාව ලබාදී තිබෙන බවත්, ඉන් පළමු මෙට්‍රික් ටොන් 2500 පාකිස්ථානයෙන් ගෙන්වීමට කටයුතු කළද, කොවිඩ් තත්ත්වය මත එම තොගයද ප්‍රමාණවත් පරිදි ලැබීම ප්‍රමාදවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙරට බඩ ඉරිගු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා ඉකුත් වසරේදී (2020) මෙට්‍රික් ටොන් 29,820 ක් ආනයනය කර ඇති අතර, ඒ සඳහා වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 2,638 කි.
ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව සහ ප්‍රංශය යන රටවල්වලින් බඩ ඉරිගු ආනයනය කර ඇත. මෙරටට බඩ ඉරිගු ආනයනය කරන ලද සමාගම් ගණන 46 කි.
ඉකුත් වසරේ බඩ ඉරිගු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් වූ අතර, මෙරට නිෂ්පාදනය කළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 368,797ක් විය.
දේශීය බඩ ඉරිගු බීජ අවශ්‍යතාවය සපුරාගනු ලබන්නේ විදෙස් රටවල්වලින් ආනයනය කරනු ලබන බීජවලින් වන බැවින් දෙමුහුන් බීජ ලබා ගැනීම සඳහා ගොවීන්ට සහනාධාර ලෙස ලබාදීමට පළාත් සභාවලට රුපියල් මිලියන 233 ක් ලබාදී ඇතැයි රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පවසයි.
මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශගුණ සුහුරු වාරි කෘෂිකර්මාන්ත ව්‍යාපෘතිය යටතේ බඩඉරිගු දෙමුහුන් බීජ කිලෝග්‍රෑම් 25,710 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ලංසු කැඳවා ඇත.
ජාත්‍යන්තර සංවර්ධන සංගමය වෙතින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අදාළ ව්‍යාපෘතිය සඳහා ලැබුණු මුදලින් කොටසක් බඩ ඉරිගු දෙමුහුන් බීජ මිලදී ගැනීම සඳහා යෙදවේ.
(Aruna)