Wednesday, September 24, 2025
Follow Us
දෛනික කොවිඩ් ආසාදිතයින් 1500 මට්ටම දක්වා පහළට. දෛනික PCR 8300 දක්වා පහළට

ඊයේ (20) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 1518ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1509 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි 09 දෙනෙකු වශයෙනි.

ඒ අනුව ගතවූ සති දෙකක කාලය තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම 50%කින් පමණ අඩුවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුත් කළ පහත ප්‍රස්තාරයෙන් දැක්වේ.

ඊයේ දිනය තුළ මෙරට සිදුකළ PCR සංඛ්‍යාව 8338ක් වන අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 2181ක් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

(LNW)