වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වලට කඩාවැදී නීතිවිරෝධී ලෙස හැසිරීම සහ සිරකරුවන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයාව අත් අඩංගුවට නොගෙන කල්මැරීමට පොලිසිය බාර අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරයි.
"පොලිසිය බාර ඇමතිවරයා පැමිණිල්ලක් ලැබෙන්න ඕනෙය කිය කියා විවිධ කතන්දර කියලා අද මේ අපරාධකාරයාව අත් අඩංගුවට නොගෙන කල් මරණ තත්වයක් තමයි තියෙන්නෙ. පමණක් වෙලාවට කියනවා මේ තුවක්කුව ලයිසන් තුවක්කුවක් කියලා. දැන් කියනවා සීසීටීවී නෑ කියලා. මේ බන්ධනාගාරයේ අවට තියෙනවා තව සීසීටීවී. ඒ වගේම වැලිකඩ බන්ධනාගාරයේ මූලස්ථානයේ සීසීටීවී කැමරා තියෙනවා. මේ හැමදෙයක්ම කියලා අද මේ අපරාධය යටගහන්න විශාල උත්සාහයක යෙදෙනවා.
ඕගොල්ලන්ට මතකද ඒ පහන්තුඩාවේ ජෝඩුව අත් අඩංගුවට ගන්න කොහොමද තිබ්බ වුවමනාව ?
වහාම මේ ඇමතිවරයා සහ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගන්න. ඔවුන් අත් අඩංගුවට ගත්තෙ නැත්නම් ඉදිරියේදී අපි අධිකරණයට යනවා"
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේෂ් නන්දිමාල් මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)