ඊයේ (19) දිනයේ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1733ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
මෙසේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1700 මට්ටම කරා පහළට පැමිණියේ කලකට පසුය.
එම ආසාදිතයින් ප්‍රමාණයත් සමග මෙරටින් මෙතෙක් හඳූනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 504491ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර තවත් කොවිඩ් මරණ 103ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලදුව ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබිණි.
ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12125ක් දක්වා ඉහළ ගොස් ඇත.
(LNW)