Wednesday, September 24, 2025
Follow Us
භික්‍ෂුණි ශාසනය ඇරැඹුණු බිනර පොහොය අදයි

ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බිනර පුන් පොහෝ දිනය අදයි


භික්ෂුණි ශාසනය ආරම්භ වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බිනර පුන් පොහෝ දිනය අද (20 වැනිදා) ට යෙදී තිබේ.

සිදුහත් කුමරාගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500ක් පැවිදි දිවියට ඇතුළුවීමත් සමග භික්ෂුණි ශාසනය ආරම්භ වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
අෂ්ඨ ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසු ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකදීය.

තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුන් සරණ ගියේද බිනර පුන් පොහෝය දිනකවේ.

බෞද්ධ ඉතිහාසයේ පළමු උපාසකවරු ලෙස හැඳින්වෙන තපස්සු-භල්ලුක වෙළෙඳ දෙබෑයෝ බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර ත්‍රිකුණාමලය තිරියායේ ගිරිහඬු සෑය කළේය. එමෙන්ම බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදු කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

(Aruna)