Wednesday, September 24, 2025
Follow Us
වෙළදපොලේ සීනි හිගයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

ඉදිරි සති දෙක ඇතුළත සීනි ආනයනය සදහා අවසර ලබා නොදුනහොත් වෙළදපොලේ සීනි හිගයක් ඇතිවිය හැකි බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් අනතුරු අගවනවා.

සීනි තොග දැනට පවතින්නේ මාස එකහමාරකට පමණ ප්‍රමාණවත් වන ලෙස බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙරට මසක සීනි අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 45,000 ක්. දැනට සීනි තොග පවතින්නේ මෙටි්‍රක් ටොන් 75,000 ක පමණ ප්‍රමාණයක් බවයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් පවසන්නේ.

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් දැනට සීනි ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන්. සීනි තොග ඇණවුම් කර මෙරටට ලැබීමට මසක පමණ කාලයක් ගතවනවා.

දැනට මාස එකහමාරකට ප්‍රමාණවත් පරිදි තොග ඇති බැවින් එළඹෙන සති දෙක තුළ අනිවාර්යයෙන්ම සීනි ගෙන්වීම සඳහා ඇණවුම් කළ යුතු බවයි ආනයනකරුවන් පෙන්වා දෙන්නේ.

යම් හෙයකින් තවත් සති දෙකකට වැඩි කාලයක් ආනයන තහනම පැවතියහොත් වෙළදපොළේ සීනි හිගයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් අවධාරණය කර සිටින්නේ.

(Neth)