Monday, January 05, 2026
Follow Us
වැටුප් ගැටලුව සම්බන්ධයෙන් පැවති සාකච්ජාව ආසාර්ථකයි

වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවද අසාර්ථක වී තිබෙනවා. එම සාකච්ඡාවේදී ද බලාපොරොත්තු වූ මට්ටමින් විසඳුමක් නොලැබුණු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක5ියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ පළ කලේ මෙවන් අදහසක්.

ගුරු සංගම් එම සාකච්චාවට එක්වූයේ වැටුප් විෂමතා ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීම සඳහා සූදානම් බව ප්‍රකාශ කර තිබියදීයි.

(Neth)