Monday, November 10, 2025
Follow Us
සුදුලූනු වංචාවට සම්බන්ධ බවට සැකපිට සතොස ප්‍රධානියෙක් අත්අඩංගුවට !

සතොස ආයතනයේ මුල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. කොළඹ වරායේ ගබඩා කර තිබූ සුදුලූනු කිලෝග්‍රෑම් 54,000 වංචා සහගත ලෙස වෙනත් මුදාහැරීමේ සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට අදාලවයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

පෞද්ගලික අංශයේ ආනයනකරුවන් විසින් ආනයනය කර තිබූ මෙම සුදුලූනු තොගය ලංකා සතොස භාරයට ගෙන තිබූ බව වාර්තා විය. කෙසේ නමුත් සතොස භාරයට ගත් එම තොගය රහසිගත ලෙස වෙනත් පාර්ශ්වයකට විකුණා දමා තිබෙනවා.

මේ වනවිට පාරිභෝගික කටයුතු අධිකාරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

(LNW)