Friday, April 19, 2024
Follow Us
දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 2200 මට්ටමට බසී. සමස්තය 500,000 ආසන්නයේ ...

ඊයේ (16) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2271ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සියලු දෙනාම අලුත් අවුරුදු පොකුරෙන් හඳුනාගෙන ඇති බවයි එම දෙපාර්තමෙන්තුව සඳහන් කරන්නේ.

එම සංඛ්‍යාවත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 498694ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් පසුගිය සති තුනක පමණ කාලය තිස්සේ දෛනික කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය ක්‍රමිකව පහළ බසිමින් ඇති ආකාරය සංඛ්‍යා දත්තවලින් දක්නට ලැබේ.

(LNW)