Wednesday, September 24, 2025
Follow Us
ඇඳිරිනීතිය ලබන මස දක්වා දීර්ඝ කරන්න

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් කළ ඉල්ලීම


දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංගමය පෙන්වා දෙන්නේ පවතින සංචරණ සීමා කඩිනමින් ලිහිල් කළහොත් භයානක විපත් රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව තවදුරටත් කොවිඩ් අධි අවදානම් එනම් රතු කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බව එම සංගමය සිහිපත් කර සිටියි.
කොවිඩ් ආසාදිතයින් තරමක් දුරට අඩුවීම හා කොවිඩ් මරණ වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබුන ද එය නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමේ ආරම්භක ප්‍රතිඵල පමණක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

(Aruna)