Wednesday, September 24, 2025
Follow Us
ගැලණිගම හුවමාරුවේ ලක්ෂ 15 සමග අතුරුදන්වූ සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ මුදල් සේප්පුවෙන් රුපියල් ලක්ෂ පහලොවක මුදලක් රැගෙන පසුගිය 11 වනදා රාත්‍රියේ පළාගිය එහි ප්‍රධාන මුදල් අයකැමිගේ ගුවන් ගමන් බලපත්‍රය අත්හිටුවන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාතවරයා විසින් නියෝග කර තිබෙනවා.

සැකකරු පිළිබද කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නැති බවත්, ඔහු විදේශ රටකට පලායාමට ඉඩ ඇති නිසා ඔහුගේ ගුවන් බලපත්‍රය අත්හිටුවන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය විසින් අධිකරණයට ඉල්ලීමක් කර තිබුණා.

එය සැලක්ලිල්ට ගෙනයි පානදුර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත්තේ.

සැකකරුගේ ගමන් බලපත්‍රය අත්හිටුවා එම නියෝගය බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන අධිකාරිවරයා වෙත යොමු කරන ලෙසද වැඩබලන මහේස්ත්‍රාතවරයා එහිදී නියෝග කර තිබෙනවා.

(Neth)