Wednesday, September 24, 2025
Follow Us
ඉදිරියේදී ලංකාව ආසන්නයේ විශාල භූමි කම්පාවක්

ලංකාවේ සිදුවන භූ කම්පන දත්ත ලබා ගන්න උපකරණ පද්ධතියක් නෑ


ශ්‍රී ලංකාව ආශ්‍රිත ඉන්දු – ඔස්ට්‍රේලියානු භූ තලයේ ඉදිරියේදී විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක් පවතින බවට ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයන් අනතුරු අඟවති.

ලංකාව ඇතුළත නොව ලංකාව ආසන්න භූමි කලාපයේ ඉතා විශාල භූමි කම්පාවක් සිදුවීමට ඉඩ තිබෙන බවත්, ඉන්දු ඔස්ට්‍රේලියා භූ තලය මැදින් වෙන්වන ලක්ෂණ කාලයක් තිස්සේ පෙන්නුම් කරන බවත්,එය සෙමින් සෙමින් සිදුවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න කීවේය.

ලංකාවේ සිදුවන භූ කම්පන පිළිබඳ දත්ත ලබා ගැනීමට ඇත්තේ උපකරණ හතරක් පමණක් බවත්, වර්ග කිලෝමීටර් හැට පන්දහසක් සඳහා මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද ඔහු පැවසුවේය.

මේ පිළිබඳව අදාළ අංශවල බලධාරීන් දැනුවත් කළද මෙතෙක් නිසි අවධානයක් යොමුකර නැතැයිද ඔහු සඳහන් කළේය.ලංකාව ආශ්‍රිත භූමි කලාපයේ සිදුවිය හැකි භූමි කම්පාව ඇතිවන කාලය සහ විශාලත්වය පිළිබඳව වැටහීමක් ලබා ගැනීමට නම් අඩුම තරමේ උපකරණ පද්ධතියක් සවිකළ යුතු බවත්, රජයක් ලෙස එය ස්ථාපිත කිරීමට පියවර ගතයුතු බවද ඔහු පැවසුවේය.

(Aruna)