PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්
නිසි අධීක්ෂණයකින් තොරව මෙරටට විදෙස් සංචාරකයින් කැඳවීම තුළින් රට නැවතත් අනතුරුදායක තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් ඉන්දීය සංචාරකයින් දිවයිනට පැමිණ ඇති අතර ඔවුන්ගේ නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමක් සිදුනොවන බැවින් එය බරපතළ තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
(Aruna)