බස්නාහිර බස් කොන්දොස්තරලට අලුත් වැඩක් පැවරෙයි
ලබන මාසයේ සිට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත නොමැතිව බස්නාහිර පළාතේ බස් රථවලට මගීන් පටවා නොගන්නා බව බස්නාහිර මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව අරුණ,ට ඊයේ (13) පැවසීය.
මෙම පියවර අකුරටම ක්‍රියාත්මක කරන බවත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ ජංගම පරීක්ෂකවරුන් මගින් එන්නත් කාඩ්පත් පරීක්ෂා කරවීම් නිරන්තරයෙන් සිදුකරන බවත් හෙතෙම කීවේය.
බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියාමනය යටතේ පෞද්ගලික බස් රථ හයදහස් දෙසීයක පමණ සංඛ්‍යාවක් ධාවනය වන අතර බස් සේවකයින් ද කොවිඩ් එන්නත ලබාගෙන තිබීම අනිවාර්ය කර ඇත.
ඒ අනුව බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් කොවිඩ් එන්නත්කරණය කාඩ්පත සන්තකයේ තබාගැනීම අනිවාර්ය කාඩ්පත පරීක්ෂා කර මගීන් බසයට ඇතුළත් කර ගැනීමේ වගකීම කොන්දොස්තරවරයාට පැවරෙන බවද සභාපතිවරයා කීවේය.
(Aruna)