පළාත් කිහිපයකට අද දිනයේත් වැසි
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් අද (14) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක අද (14) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් (40-50) පමණ දක්වා වැඩි විය හැකියි.
(Aruna)