Wednesday, September 24, 2025
Follow Us
ඉන්දියාව ගිලගත් කළු පුස් දිලීර රෝගීන් කීපදෙනෙක් ශ්‍රී ලංකාවෙන් හමුවේ

එකම මුව ආවරණය හා අපිරිසිදු මුව ආවරණ තවත් මාරාන්තික රෝගයකට අත වනයි


කළු පුස් දිලීර රෝගය වැළඳුනු රෝගීන් කිහිපදෙනෙකු මේ වන විට මෙරටින් හඳුනාගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබේ.

කොවිඩ් 19 වෛරස ආසාදනයට සෘජු බලපෑමක් නැතත් දීර්ඝ කාලීනව මුව ආවරණ පැළඳීම හේතුවෙන් මෙරට තුළ “කළු පුස් දිලීරය” ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙයි.

කළු පුස් දිලීරය ආසාදනය වූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු වකුගඩු ආශ්‍රිත රෝගයකින් පෙළෙන නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය බව වාර්තා වේ.

එම රෝගියාගේ නාසය අභ්‍යන්තරයේ සහ එක ඇසක මෙම දිලීරය ආසාදනය වී ඇති අතර ඔහු කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙක් බව පැවසේ.

තවත් එවැනි රෝගීන් කිහිපදෙනකුම ප්‍රතිකාර ලබාගෙන ඇති බව වාර්තා වන අතර මින් පෙර මෙම දිලීරය පිළිබඳ තොරතුරු හෙළි වූයේ ආසාදිත රෝගීන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම වාර්තා වීමත් සමඟයි.

කළු පුස් දිලීරය ආසාදනය වී තිබූ බවට හඳුනා ගත් රෝගීන් අතර ප්‍රතිශක්තීකරණය දුර්වල රෝගීන් සිටින අතර ඔවුන් දීර්ඝ කාලීන දියවැඩියා රෝගීන් සහ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලට භාජන වූ පිරිස් බව වාර්තා වේ.

දීර්ඝ කාලීනව එකම මුව ආවරණය පැළඳීම සහ අපිරිසිදු මුව ආවරණ පැළඳීම හේතුවෙන් මෙම දිලීරය ආසාදනය වන බවට වෛද්‍යවරුගේ මතයයි.

(Aruna)