Wednesday, September 24, 2025
Follow Us
කණ්ඩායම ශක්තිමත් කරන්න මාලිංග පිටියට

මාලිංග දන්නේ නැතිව ලැබෙන්න යන තනතුර


ලෝක වාර්තා රැසකට හිමිකම් කියන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත්කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා ලසිත් මාලිංග සමග සාකච්ඡා කර නොමැති බවයි.

ඉදිරියේදී මාලිංග සමග සාකච්ඡා කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇතැයි එම උසස් නිලධාරියා පැවසීය.

දේශීය වශයෙන් සිටින දක්ෂ ක්‍රීඩකයින්ගේ අත්දැකීම් ඉතාමත් වැදගත් බවත්, එම සම්පත් වලින් ප්‍රයෝජන ගැනීම ක්‍රිකට් ආයතනයේ වගකීම බවත් ඔහු සදහන් කළේය.

(Aruna)