Wednesday, September 24, 2025
Follow Us
පන්දුවාර විස්ස තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

තරගයේ වීරයා තබ්‍රේස් ශම්සි


ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබේ.

ඒ කඩුළු 9ක් සහ පන්දු 35කිනි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පරදීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා පන්දුවාර 18යි එක්පන්දුවකදී දැවී ලබාගත හැකි වූයේ ලකුණු 103ක් පමණී.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 30ක් ලබාගැනීමට සමත් විය.

ඉන් අනතුරුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු පිල පන්දුවාර 14යි එක් පන්දුවකදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 105ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.
ක්වින්ටන් ඩී කොක් නොදැවී ලකුණු 58ක් රැස්කර ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් කඩුළු තුනක් දවාගත් තබ්‍රේස් ශම්සි තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් විය.

(Aruna)