Wednesday, September 24, 2025
Follow Us
දක්ෂිණ අධිවේගයේ ගැලණිගම හුවමාරුවේදී මුදල් වංචාවක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම අන්තර් හුවමාරුවේ කාර්යාලයේ තිබු රුපියල් ලක්ෂ 14 ක මුදලක් අතුරුදන් වී තිබෙනවා.

අදාල මුදල එහි සේප්පුවක තැන්පත් කර තිබී ඇති අතර එහි යතුර සහකාර අයකැමි අධිකාරිවරුන් තිදෙනකු භාරයේ තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම මුදල අවස්ථා කිහිපයකදී එම කාර්යාලයෙන් පිටතට රැගෙන යන්නට ඇති බවට සැකකෙරෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එම කාර්යාලයේ අයකැමිවරයෙකුට චෝදනා එල්ල වන අතර ඔහු ද අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගැලණිගම අන්තර් හුවමාරුවේ කාර්යාලය විසින් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

(Neth)