Wednesday, September 24, 2025
Follow Us
සුනාමියක් එනවා කියා අගුලානේ මිනිස්සු හිස් ලු ලු අත දුවයි

කාලගුණ නිවේදනේ ගමක් කනපිට⁣ පෙරළාගත් හැටි


සුනාමියක් එනවා යැයි කටකතාවක් ප්‍රචාර වීම නිසා අඟුලාන වෙරළ තීරයේ ජනතාව සිය බඩුමුට්ටු සමග නිවෙස්වල අඩුමකුඩුම රැගෙන දුව ගොස් ඇතැයි වාර්තා වනවා.

අද දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේන් දැනුම් දී ඇත්තේ මුහුද රළු වෙන බවයි.

එම දැනුම්දීම ද වරදවා වටහා ගෙන ඇති ජනතාව කලබලයට පත්වී ඇති බවයි අඟුලාන ධීවර සමිතියේ ලේකම් සනත් නන්දසිරි මහතා පවසන්නේ.

මේ පිළිබඳව අඟුලාන පොලිසියෙන් අප කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ සුනාමියක් එනබවට කවුරුන් හෝ කට කතාවක් ප්‍රචාරය කිරීම හේතුවෙන් අගුලාන,රත්මලාන වෙරළ තීරයේ ජනතාව කලබල වී ඇති බවයි.

පසුව පොලිසිය විසින් ජනතාව වෙත දැනුම් දී ඇත්තේ කලබල වීමට තරම් හේතුවක් නොවන බවයි.

(Aruna)