වයස අවුරුදු 60ට වැඩි පිරිසට කොවිඩ් එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස විශේෂඥයින් නිර්දේශ කර තිබියදීත් එම තාක්ෂණික උපදෙස් නොතකා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ බවත් මේ සිදුවූ කොවිඩ් මරණවලින් බහුතරයක වගකීම එසේ තාක්ෂණික තීරණ වලින් පරිබාහිරව කටයුතු කළ පුද්ගලයින් විසින් බාරගත යුතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
"එන්නත්කරණ පිළිබඳ යෝජනාවලියක් අපි සකස් කරලා බාරදුන්නා. ඒ ඒ ක්ෂේත්‍රවල එන්නත්කරණය සකස් කරනකොට විශෙෂඥයො සම්බන්ධ කරගෙන තමයි අපි යෝජනාවලිය සකස් කරලා රජයට බාරදුන්නෙ. නමුත් අපි දකිනවා විශේෂයෙන්ම මේ එන්නත්කරණ වැඩසටහන අද මේ තාක්ෂණික උපදෙස් වලින් බැහැරව බොහෝ තැන්වල ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා.
අපි මුලින්ම නිර්දේශ කළේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සියල්ල එන්නත් කරලා, ඒකට ප්‍රමුඛතාවය දීලා මේ කටයුත්ත කරන්න ඕනෙ කියන එක. නමුත් මේ 60ට වැඩි කණ්ඩායම එන්නත්කරණය සම්පූර්ණ කරන්නේ නැතුව වෙනත් වයස් කාණ්ඩ කරා මේ එන්නත්කරණ වැඩසටහන යොමු වුණා. ඒ සඳහා නිර්දේශ ලබාදුන්නේ කවුද කියන එක අදටත් ප්‍රශ්නයක්. කොවිඩ් මරණ වලින් 80%කට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයො තමයි මරණයට පත්වුණේ. එතකොට මේ මරණ සංඛ්‍යාව වළක්වා ගන්න අපට හැකියාවක් තිබුණා මේ 60ට වැඩි පිරිසට එන්නත් දීල ප්‍රමුඛතාවයක් කරගෙන කළා නම්.
ඉතින් මේ සිද්ධ වෙච්ච මරණ වලට අනිවාර්යයෙන්ම ඒ වැරදි තාක්ෂණික තීරණ ගත්ත අය, එහෙම නැත්නම් ඒ තාක්ෂණික තීරණ වලින් පරිබාහිරව කටයුතු කරපු පුද්ගලයො අනිවාර්යයෙන්ම මේ සිද්ධ වෙච්ච මරණ වලට වගකියන්නට වෙනවා"
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)