Wednesday, September 24, 2025
Follow Us
20 යි 20 පළමු තරගය දකුණු අප්‍රිකාව ලකුණු 28 කින් ජය ගනී

ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති පළමු 20 යි 20 ක්‍රිකට් තරගය ලකුණු 28 කින් ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ සමත්වුණා.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 05 ක් දැවී ලකුණු 163 ක් රැස්කළා. ඒඩ්න් මාක්‍රම් පන්දු 33 කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 48 ක්. ආර් හෙන්ඩ්රික්ස් ලකුණු 38 ක් සහ ක්වින්ටන් ඩී කොක් ලකුණු 36 ක් රැස්කළා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුළු 02 ක් බිඳ හෙලුවා. දුෂ්මන්ත චමීර, මහේෂ් තික්ෂණ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 135 ක් පමණයි. දිනේෂ් චන්දිමාල් පන්දු 54 කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 66 ක්.
ඊට 6 යේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්.

චාමික කරුණාරත්න ද නොදැවී ලකුණු 22 ක් රැස්කළා. දසුන් ශානක ලකුණු 16 යි. අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු 11 ක් රැස්කර සිටියදීයි. භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග ලකුණු නොලබා දැවී ගියා.

දකුණ අප්‍රිකානු පන්දු යවන්නන් 05 දෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

(Neth)