Wednesday, September 24, 2025
Follow Us
සහල් හිගයක් ගැනත් අනතුරු ඇගවීම්

ඉදිරියේදී සහල් හිගයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි සහල්මෝල් හිමියන් අනතුරු අගවනවා. ඒ, ගොවීන් රජයේ පාලන මිලට වී ලබාදීමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන්. සහල් මෝල් හිමියන් පවසන්නේ වී තොග නොලැබීම හේතුවෙන් ඉදිරියේදී පාලන මිලට සහල් ලබාදීමට නොහැකි වනු ඇති බවයි.

සහල් සගවාගෙන සිටීම හා රට තුල පවතින සහල් ගැටලුව සම්බන්ධයෙන් ඉකුත්දා රජය විසින් සහල් තොග අත්පත් කරගනු ලැබූ මහා පරිමාණ මෝල් හිමියන්ගෙන් නෙත් නිවුස් සෘජුව ප්‍රශ්න කළා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ ඉදිරි කන්නයේදී වී සදහා ඉහළ මිලක් ලබාදෙන බවයි.

(Neth)