Wednesday, September 24, 2025
Follow Us
ගෑස් හිඟයක් යළිත්

ලබන සතියේ සිට හිඟවෙන දෙයක් ගැන අනතුරු අඟවයි


ඩොලර් හිඟය නිසා ගෑස් ආනයනය කිරීමට නොහැකි වීමෙන් ලබන සතියේ සිට යළි ගෑස් හිඟයක් ඇතිවිය හැකි බවට ගෑස් සමාගම් අනතුරු අඟවයි.

ලාෆ් ගෑස් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි හතරක් විවෘත කිරීමට සූදානම් වුවද වාණිජ බැංකු ඒ සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැත. ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ නැංවීමත් සමග දෛනිකව විවිධ ප්‍රමාණවලින් යුත් ගෑස් සිලින්ඩර තිස්දහසක් පමණ වෙළෙඳපොළට නිකුත් කරයි.

මාසයක පමණ කාලයක් ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් ගෑස් සිලින්ඩර ලක්ෂ දහඅටක් පමණ හිස් වී තිබේ.

මෙම සිලින්ඩර පිරවීම සඳහා කඩිනමින් ගෑස් ආනයනය කිරීමට ඩොලර් ලැබිය යුතු බව ගෑස් සමාගම සඳහන් කරයි. මේ අතර ලාෆ් ගෑස් සිලින්ඩර මිල රුපියල් 450කින් යළි වැඩි කිරීම සඳහා සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් කළ ඉල්ලීමක් සිකුරාදා (10 වැනිදා) ප්‍රතික්ෂේප කර තිබේ.

ලිට්රෝ ගෑස් සමාගමට ද ගෑස් මිල ඉහළ නැංවීමට ඉඩ නොදීම හේතුවෙන් රුපියල් බිලියන අටක පමණ පාඩුවක් මේ වන විට සිදුව ඇති බවද සඳහන් කරයි.

(Aruna)