Wednesday, September 24, 2025
Follow Us
ශාන් වික්‍රමසිංහගේ දියණිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙි අධ්‍යක්‍ෂ තනතුරෙන් ඉල්ලා අස් උනේ ඇයි

ශාන් වික්‍රමසිංහගේ දියණිය ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බව වනජීවී ඇමති විමලවීර දිසානායක මහතා පවසයි.

දැනට රජය විසින් රඳවාගෙන සිටින අලි ඇතුන් කිහිප දෙනෙකු ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත ලබාදීමට රජය විසින් ගත් තීරණය සම්බන්ධයෙන් ඇය විරෝධය දැක්විය. ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාති දියණියකි. ඇය සතුන්ට ආදරය කරන්නියක් වන අතර ඇය නිතරම පැවසු දෙයක් වන්නේ ඇයට අවශ්‍ය සතුන්ට සතුටින් වාසය කිරීමට හැකි පරිසරයක් ගොඩ නැගීමට බවයි.

කුඩා සිටම සතුන්ට සංවේදී වූ ඇය පවසන්නේ එය පවුලෙන් ආ දෙයක් බවයි. කුඩා කාලයේ සිට සතුන් වෙනුවෙන් සටන් කළ චරිතයක් ලෙසද ඇය හැඳින්විය හැකිය. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධූරය භාර ගනිද්දී ඇය පැවසුවේ සතුන්ගේ මානසික සුවයට අවශ්‍ය දේ ඇය සිදු කරන බවත් සතුන්ට නිදහස් පරිසරයක් ඇති කිරීම ඇයගේ අරමුණක් බවයි.

දෙහිවල අලි දන්වැල් වලින් බැඳ දැමීම නිදහස් කිරීමටත් ඇය කටයුතු කර තිබිණි. අලි වෙනුවෙන් ඇය වැඩසටහන් ගණනාවක්ම දියත් කළ අයුරු දැක ගත හැකි විය. කෙසේවෙතත් නව තීරණය හරහා නීතිවිරෝධීව අල්ලාගත් අලි ඇතුන් ජාවාරම්කරුවන්ට ආපසු ලබා දීමට හැකියාව ඇතැයි සත්ව හිංසන විරෝධී සංවිධාන මෙන්ම විවධ පාර්ශව ගණනාවක්ම සිය අදහස් දක්වමින් ඊට විරෝධය දක්වමින් සිටිති.

(Neth Gossip)