Wednesday, September 24, 2025
Follow Us
ඕමාන තරග සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ඕමානය සමග පන්දුවාර විස්ස ක්‍රිකට් තරග 2 ක තරගාවලියක් හිමිව තිබෙනවා. ඒ, ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙසයි. ඒ අනුව දෙරට අතර පළමු තරගය ඔක්තෝම්බර් 7 වනදා දෙවන තරගය ඔක්තෝම්බර් 9 වනදා ද පැවැත්වීමට නියමිතයි.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ ද ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වය යටතේයි. ඔක්තෝම්බර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා තරගාවලිය ක්‍රියාත්මක වනු ඇති.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව ඍජුව සුදුසුකම් ලබා නැහැ. ඒ අනුව ශ්‍රී ලංකාවට තරගාවලියට ඇතුළත් විය හැක්කේ නැමේබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය සමග තරග වැද ඉන් ජයගෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මතයි. එම තරගවලට පෙර ශ්‍රී ලංකාවට පෙරහුරු පන්දුවාර විස්සයි විස්ස තරග දෙකක්ද හිමි වී තිබෙනවා.

(Neth)