සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණ තිබේ.
එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමේ 17 වැනි ස්ථානය දක්වා වනිඳු හසරංග ඉදිරියට පැමිණීමට සමත්වී ඇත.
එමෙන්ම එක්දින පන්දු යවන්නන් අතර 32 වන ස්ථානයට පැමිණ තිබේ.
අකිල ධනංජය එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 26 වන ස්ථානයේ රැදී සිටියි.
දුෂ්මන්ත චමීර එම ලැයිස්තුවේ 35 වන ස්ථානයට පත්වී ඇත.
මීට අමතරව අවිශ්ක ප්‍රනාන්දු එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 41 වන ස්ථානයේ රැදී සිටින අතර චරිත් අසලංක 66 වන ස්ථානයටත්, ධනංජය ද සිල්වා 71 වන ස්ථානයටත් පැමිණ තිබේ.
(Aruna)