බත් කරි දර්ශකයෙන් අනාවරණය වූ දේ
2020 අගෝස්තු සහ 2021 අගෝස්තු අතර කාලයේදී සාමාන්‍යයෙන් පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍යවල මිල ගණන් 30%කින් ඉහළගොස් ඇතැයි ස්වාධින පර්‌යේෂණ ආයතනයක් වන ඇඩ්වොකාටාහි ‘බත් කරි දර්ශකය’ (BCI) පෙන්වාදෙයි.
පසුගිය වසර කිහිපය තුළ සාධක ගණනාවක් හේතුවෙන් ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ ගිය බව ඇඩ්වොකාටා පවසයි. එහි සංඛ්‍යාලේඛන වලට අනුව 2019 වර්ෂයේදී වාර්තා වූ එකම වර්ගවලට අයත් ආහාර ද්‍රව්‍ය මල්ලක මිල ගණන් 2021 අගෝස්තු හා සසඳන විට 70%කින් ඉහළ ගොස් තිබේ.
“මෙයින් අදහස් කරන්නේ 2019 අගෝස්තු මාසයේදී BCI දර්ශකයට අනුව ආහාර ද්‍රව්‍ය කූඩය මත සතියකට ගෙවිය යුතුවූ රුපියල් 757ක මුදල වෙනුවට, එකම භාණ්ඩ මල්ල සඳහා දැන් ගෙවිය යුතු මුදල රුපියල් 1,288 ක් බවයි. මෙය දළ වශයෙන් 2019ට වඩා රුපියල් 500 ක වැඩිවීමකි. ”යැයි ඇඩ්වොකාටා සඳහන් කරයි.
කෙසේවෙතත්, 2021 අගෝස්තු මාසයේදී ආහාර මිල ගණන් වල සුළු අඩුවීමක් වාර්තා වූ අතර, ලූනු, සහල් සහ අමු මිරිස් සඳහා වූ මිල ගණන් 1.57% කින් පහත වැටුණු අතර බෝංචි සහ වට්ටක්කා වැනි එළවළු මිල තරමක් වැඩි විය.
(Aruna)