Monday, November 10, 2025
Follow Us
රටම බිය ගන්වමින් ලංකාවෙත් යළි ඇහෙන ISIS ප්‍රහාරය ගැන ඇත්ත

ලංකාවේ ආරම්භ වුනු කරුණු සොයා බැලීම


නවසීලන්තයේ පසුගියදා බෙහෙවින් ආන්දෝලනයට තුඩු දුන් ත්‍රස්ත ප්‍රහාරයට සිදු කළ පුද්ගලයා මෙරටද ත්‍රස්ත ප්‍රහාරයක් සුදානම් කර ඇති බවට සමාජ මාධ්‍ය තුල පුවතක් සැරිසරනවා.

ඒ අනුව පැවසෙන්නේ එම සිදුවීම සිදු කළ පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණ මෙරට සිටින නවසීලන්ත ජාතිකයන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර සිටි බවයි.

මෙය නවසීලන්ත බුද්ධි අංශ විසින් සොයා ගෙන ඇති බවත් නවසීලන්ත මාධ්‍යය වාර්තා කර ඇති බව පවසමින් සාමාජ මාධ්‍ය තුළ මෙම පුවත සැරිසරනවා

එම ප්‍රහාරයේදී පුද්ගලයන් 6 දෙනකුට පිහියෙන් ඇන තුවාල සිදු කළ මෙකී පුද්ගලයා අයි.එස්.අයි.එස්. අන්තවාදියෙකු බවත් පසුව හෙළි විය.

මොහුගේ ෆේස්බුක් පිටුව විශ්ලේෂණය කිරීමෙන් මේ බව සොයාගෙන ඇති බව ද එම පුවත් පත් වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ සිටින නවසීලන්ත ජාතිකයන්ට පාඩමක් ඉගැන්වීමට එවැන්නක් කළ යුතු බවට වූ අන්තවාදී මානසිකත්වයකින් ඔහු සිටි බව සම්සුදීන්ගේ අදහස් පළ කිරීම්වලින් තහවුරු වන බවයි වාර්තා වන්නේ

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මේ වන විට කරුණු සොයා බැලීමක් සිදුකරගෙන යන බවයි.

(Aruna)