මැකෝ ගෙන් පොලිසියට දේශපාලන විද්‍යා පාඩමක්
සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන දේශපාලන පක්ෂයකට බාධා කිරීමටවත් නීතිය අවභාවිතකරමින් කටයුතු කිරීමට වත් පොලිසියට හැකියාවක් නැති බව මැතිවණ කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමින් එම කොමිෂන් සභාව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා වෙත එම ලිපිය යවා තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරකයන් අත්අඩංගුවට ගන්නා බවත් එම පක්ෂයේ දේශපාලන කටයුතුවලට පොලිසිය නිතර නිතර බාධා හිරිහැර කරන බවටත් සඳහන් කරමින් එම පක්ෂය ඉකුත් අගෝස්තු මස 16 වැනි දා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
දේශපාලන පක්ෂයකට සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන කටයුතු සිදුකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දී තිබෙන බවත් ආණ්ඩුව විවේචනය කිරීමට දේශපාලන පක්ෂයකට බාධාවක් නොමැති බවත් මැතිවරණ කොමිසම පොලිස්පතිවරයාට යවා ඇති එම ලිපියේ සඳහන් කර තිබේ.
(Aruna)