Wednesday, September 24, 2025
Follow Us
මවා පාපු වාහන මිල වේගෙන් පහළ බසී

කොවිඩ් කාලේ අධික මිලට වාහන අරගෙන වැඩේ වරද්ද ගන්න එපා


මෙරට වාහන වෙළෙදපොළේ වාහන මිල සම්බන්ධයෙන් කිසියම් කැළඹිලි තත්ත්වයක් හටගෙන ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පැවසුවේ වාහන මිල අනිසි ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් ලියාපදිංචි නිත්‍ය වාහන අලෙවිකරුවන් විසින් සමාජ මාධ්‍යය තුළ දැඩි ලෙස කතාබහ කිරීම එම තත්ත්වයට හේතුවී ඇති බවයි.

ඒ මහතා පෙන්වා දුන්නේ උදාහරණයක් ලෙස මේ දිනවල ලක්ෂ 200කට පමණ අලෙවි වන ප්‍රිමියර් මෝටර් රථය මිල ලක්ෂ 50කින් සහ 60කින් අඩු වී ඇති බවයි.

මේ වන විට සමහරක් පුද්ගලයින් අතැති මුදලට වාහනයක් මිලදී ගෙන එය නැවත වැඩි මුදලකට අලෙවිකර, ඉන් නැවත වාහනයක් මිලදී ගෙන එය නැවත විකිණීම හරහා සිදුකරන ක්‍රියාවලිය මගින් වාහන මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමට හේතුව වී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

වාහන මිල ඉහළ යාම පාලනය කිරීම සදහා මේ මොහොතේ සිදුකළ යුත්තේ කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වය කාලය තුළ නොවටිනා මිල ගණන් වලට වාහන මිලට නොගැනීම බව ඉන්දික සම්පත් මහතා පෙන්වා දෙයි.

එසේ සිදුනොවුනහොත් වාහන මිල ඉදිරියේදී තවත් අසීමිත ලෙස ඉහළ යනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)