Saturday, March 28, 2026
Follow Us
දැනට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 70,000 ආසන්නයට !

ඊයේ (06) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3182ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 3173 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි 09 දෙනෙකු වශයෙනි.

මේ සමග දැනට රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 69120ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 465949ක් දක්වා ඉහළ ගොස් ඇත.

(LNW)