නව කොරෝනා මරණ 10,320 දක්වා ඉහළ ගිය හැටි
නව කොරෝනා ආසාදිතයින් 3,182 ක් හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 465,949 දක්වා ඉහළ ගියා.
ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 3,182 දෙනා අතරින් 3,173 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වනවා.
විදේශයන් හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 09 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එසේම පසුගිය 05 වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 180 ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඊට පිරිමි පුද්ගලයන් 97 ක් සහ කාන්තාවන් 83 ක් ඇතුළත්.
මිය ගිය පිරිස අතර, 133 දෙනෙක් අවුරුදු 60 වැඩි පුද්ගලයින් වන අතර ඊට පිරිමි පුද්ගලයින් 68 ක් ඇතුළත්.
අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 40 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර එහි කාන්තාවන් 16 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අවුරුදු 30 අඩු පුද්ගලයන් 07 දෙනෙකුද කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,320 ක් ලෙසින්.
(Aruna)