Wednesday, September 24, 2025
Follow Us
සීනි වලින් පසු පරිප්පු සහ තිරිගු පිටි මාෆියාවක්

පරිප්පු කිලෝවක මිල ද ඉහළ නංවා ඇතැයි පාරිභෝගිකයින් සහ වෙළඳුන් පවසනවා. පැවැති මිලට වඩා රුපියල් 30 ත් 40 අතර ප්‍රමාණයකින් පරිප්පු කිලෝවක මිල වැඩිකර ඇති බවයි පාරිභෝගිකයින් පවසන්නේ. වෙළඳපලේ තිරිගු පිටි හිගයක් ද පවතින අතර ඇතැම් වෙළඳසැල්වලට තිරිගු පිටි මිටි ලබාදීම ද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.

සීනි සඳහා පාලන මිලක් පැනවුවද, පනවා ඇති තොග මිලට සීනි ලබානොදෙන අතර ලබාදෙන තොග ද සීමා කර ඇති බව රාගම වෙළඳ ව්‍යාපාරිකයෙකු වන චමින්ද සිල්වා සඳහන් කළා.

කෙසේවෙතත් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ තිරිගු පිටි මිල ඉහළ නොදැමීමට ආනයන සමාගම් එකග වූ බවයි.

(Neth)