Tuesday, September 23, 2025
Follow Us
මරාදැමූ පුභාකරන්ගේ වේලුපිල්ලේ මියයයි

රටට අතිශය වැදගත් රහස් රැසක් වැලලේ


මානුෂීය මෙහෙයුමෙන් පරාජයට පත්වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ වේළුපිල්ලේ කුමාර් පංචරත්නම් හෙවත් ජෝර්ජ් මාස්ටර් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය මාස කිහිපයේ රෝගී තත්ත්වයෙන් පසු වූ ඔහු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි හෘදයාබාධයකින් මියගොස් ඇත.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 85කි.

වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයකු වූ වේලුපිල්ලේ කුමාර් පංචරත්නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ හඳුන්වන ලද්දේ ජෝර්ජ් මාස්ටර් යන නමිනි.

දෙමළ භාෂාවට අමතරව සිංහල සහ ඉංග්‍රීසි භාෂා චතුර ලෙස දැන සිටි අයෙක් බව කියැවේ.

ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර රට තුළ සහ විදේශයන්හි පැවැත්වුන සාම සාකච්ඡාවන්හි දී භාෂා පරිවර්තකයකු මට්ටමින් ඒවාට සහභාගී විය.

යුද්ධය නිමාවේ යුදකලාපයෙන් පිටව අනාථ කඳවුරකට පැමිණීමෙන් පසු අත්අඩංගුවට පත්වූ ජෝර්ජ් මාස්ටර් නීතිපති උපදෙස් මත හත්වසරකට පසු 2016 ජුලි 04 දා ඇප මත මුදා හරිනු ලැබුණි.

ජාත්‍යන්තර අර්බුද පිළිබඳ සමූහයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇලන් කීනන් මේ පිළිබඳ තබා ඇති සටහනක දැක්වෙන්නේ ජෝර්ජ් මාස්ටර් සමඟ බොහෝ රහස් ද වැළලී යනු ඇති බවය.

(Aruna)