Tuesday, September 23, 2025
Follow Us
රුසියානු එන්නත් තොගයක් මේ මාසයේ මෙරටට

ස්පුට්නික් එන්නත් නිෂ්පාදන සමාගමෙන් දැනුම්දීමක්


ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදනය කරන රුසියානු සමාගම විසින් මෙරටට අවශ්‍ය එන්නත් ලබාදීම සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙරට ජනතාවට දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට අවශ්‍ය ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් ප්‍රමාණය සැප්තැම්බර් මාසය ඇතුළත ලබාදීමට හැකි බව දැනුම්දී ඇති බව ඔහු පවසයි.

“ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදන ආයතනය අපිට දැනුම්දීලා තියෙනවා සැප්තැම්බර් මාසය ඇතුළත ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉතිරි දෙවන මත්‍රා 120,000 ලබාදෙන්න කටයුතු කරනවා කියලා. එතකොට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට එම එන්නත් ලබාදෙන්න කටයුතු කරනවා.”

මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 150,000කට පමණ ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබෙන අතර ඉන් දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 30,000ක් පමණ වෙයි.

(Aruna)