Tuesday, September 23, 2025
Follow Us
ඊයේ කොවිඩ් රෝගීන් 3333 ක්. සමස්තය 459459 දක්වා ඉහළට

ඊයේ (04) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3333 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සියලු දෙනාම අලුත් අවුරුදු පොකුරෙන් හඳුනාගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව මෙරටින් මෙතක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 459459 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම දැනට රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 67032ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ තත්ව වාර්තාවේ සඳහන්.

(LNW)