Tuesday, September 23, 2025
Follow Us
අඛණ්ඩව 04 වන දිනටත් කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක්

අඛණ්ඩව 04 වන දිනටත් මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්දහසේ සීමාව දක්වා අඩු වී තිබෙනවා.

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3333ක්. මේ අතර මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවද අඩු වී තිබෙනවා.

ඉකුත් දින කිහිපයේදී මෙරටින් දෛනික කොරෝනා මරණ 200 සීමාව ඉක්මවා වාර්තා වුවද ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූයේ කොරෝනා මරණ 145ක් පමණයි.

එම මරණ ඉකුත් 3වනදා සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. ඉන් 117 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්.

වයස අවුරුදු 30 ත් 59ත් අතර පුද්ගලයින් 24 දෙනෙකුද ඊයේ තහවුරු කළ කොරෝනා මරණ අතර වනවා.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් සිවුදෙනෙකුද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කර සිටි ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ බිරිද මියගොස් තිබෙනවා. ඒ පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.

(Neth)