ආනයන තවදුරටත් සීමා කිරීමට සිදුවුවහොත් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයද කඩාවැටීමට ලක් වන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයද පවසනවා.
රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට කටයුතු කරන බවයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉකුත්දා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති දේශබන්දු සුසන්ත ලියනාරච්චි පැවසුවේ මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අවශ්‍ය ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ආනයනය කරන බවයි.
දැනටමත් වෙළදපොල තුළ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අවශ්‍ය ද්‍රව්‍යවල හිගයක් පවතින බවයි ඔහු සදහන් කළේ.
මේ අනුව ඉදිරියේදී ආරම්භ කරන නව ව්‍යාපෘති සදහාද දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවද ඔහු කියාසිටියා.
මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සදහා පුද්ගලයන් මිලියන එකයි දශම 6 ක් පමණ ශ්‍රමදායකත්වය සපයනු ලබනවා.
පවතින තත්ත්වය හමුවේ සිය ක්‍ෂේත්‍රය නතර කිරීමට සිදුවුවහොත් එම පිරිසටද ඍජු බලපෑමක් ඇති වන බවයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති දේශබන්දු සුසන්ත ලියනාරච්චි වැඩිදුරටත් පැවසුවේ.
(Neth)