Saturday, March 28, 2026
Follow Us
විදේශ රටවලින් ගෙන්වන ලොකු ළුෑණු සඳහා බද්ද වැඩි කරන්න - දේශීය ළුෑණු ගොවින් ඉල්ලයි

විදේශ රටවලින් ගෙන්වන ලොකු ළුෑණු සඳහා දැනට පනවා ඇති ශත 25 බද්ද කඩිනමින් ඉවත් කර දේශීය ගොවියාට සාධාරණය වන පරිදි බද්ධ වැඩි කරන්නැයි ලොකු ළුෑණු ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා. ගොවීන් පවසන්නේ දේශීය ලොකු ළුෑණු අස්වැන්න මේ දිනවල නෙළීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

වෙළඳපොලේ විදේශීය ලොකු ළුෑණු අඩු මිලට පවතිම හේතුවෙන් දේශීය ලොකු ළුෑණු ගොවියාට සාධාරණ මිලක් අහිමිවන බව ද ගොවීන් පවසනවා.

දඹුල්ල, ගලේවෙල, සීගිරිය, නාවුල, පොළොන්නරුව, හබරණ, මැදිරිගිරිය, ගල්කිරියාගම ආදී ප්‍රදේශවල මෙවර විශාල වශයෙන් දේශීය ලොකු ළුෑණු වගා කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(Neth)