Tuesday, September 23, 2025
Follow Us
දෛනික ආසාදිතයින් දෙවන දිනටත් පහල යයි

මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් අඛණ්ඩව දෙවන දිනටත් පහළ ගොස් තිබෙනවා. පෙරේදා දිනයේ දින 12 කට පසු පළමු වරට දෛනික ආසාදිතයින් 3,000 සේ මට්ටමට පැමිණියා. ඒ, දෛනික ආසාදිතයින් 3,828 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

දෛනික ආසාදිතයින් තවත් පහළ යමින් ඊයේ වාර්තා වී ඇති සංඛ්‍යාව 3,619 ක්. කෙසේ වෙතත් දෛනික කොරෝනා මරණ තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඉකුත් පළවනදා සිදුව ඇති මරණ සංඛ්‍යාව 204 ක්.

ඉකුත් අගෝස්තු මාසයේදී පමණක් කොරෝනා ආසාදිතයින් 4,959 දෙනෙකු වාර්තා වුණා. එය මෙරට තුළ මෙතෙක් වාර්තා වූ සමස්ථ කොරෝනා මරණ හා සැසදීමේදී සියයට 52 ක අගයක්. මෙරට සිදුව ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 9,604 ක් වනවා.

(Neth)