Saturday, March 28, 2026
Follow Us
සයිනොෆාම් එන්නත් මිලියන 4ක් ගෙන්වයි

දිනකදි ලැබෙන වැඩිම එන්නත් තොගය


තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට (04) දිනයේ දිවයිනට ලැබීමට නියමිතව තිබේ.

දිනක් තුළ මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙයි.

ඒ අනුව, මේ දක්වා චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 22ක් ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගෙන ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.

(Aruna)