Monday, May 06, 2024
Follow Us
රු.2000 බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ටත් දෙන්න - සංගම් වෙතින් ඉල්ලීමක්

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජීවිකාව අහිමි වූ පුද්ගලයින් සඳහා රජයෙන් ලබා දෙන රු. 2000ක ආධාර මුදල පෞද්ගලික බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරුන්ට ද ලබා දෙන ලෙස සමස්ත ලංකා පෞද්ගලික බස් සමගම සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ඉල්ලා සිටියි.

දිවයින පුර විසිරි සිටින මෙම පිරිසට මෙතෙක් එම ආධාර මුදල් ලැබී නැති බවයි ඔහු සඳහන් කරන්නේ.

කොවිඩ් තත්ත්වය හේතුවෙන් මේ වන විටත් කඩා වැටී ඇති පෞද්ගලික බස් කර්මානත්ය යලි රට විවෘත වූ පසු යථාවත් කිරීමට පහසු කටයුත්තක් නොවන අතර රට පුරා විසිරි සිටින මෙම රියදුරු සහ කොන්දොස්තරවරු 10,000ක් පමණ මෙම කර්මාන්තය හැර ගොස් සිටින බව ද ඔහු ප්‍රකාශ කරයි.

පවතින තත්ත්වය මත මෙම කර්මානත්ය යළි නගා සිටුවීමට රජයෙන් අනිවාර්යයෙන්ම සහයක් ලැබිය යුතු බවද ප්‍රියන්ජිත් මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.

 

(LNW)