Thursday, December 25, 2025
Follow Us
නාරාහේන්පිට පෞද්ගලික රෝහලකින් කොවිඩ් ආසාදිතයින්ට පනවන ආසාධාරණ කොන්දේසි ගැන අනාවරණයක්

නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ගැනීමේදී අසාධාරණ කොන්දේසි පනවන බවට ජනතාවගෙන් චෝදනා එල්ලවනවා. අදාළ රෝහලට කොරෝනා ආසාදිතයෙකු ඇතුලත් කිරීමේදී එම රෝගියාට සාත්තු කිරීමට යම් පුද්ගලයෙකු යොමු කිරීම අනිවාර්ය කර ඇති බවයි පැවසෙන්නේ.

කොරෝනා ආසාදිතයින්ට වෙන වෙනම කාමරවලදී ප්‍රතිකාර ලබාදෙන බැවින් ඇතැම් අවස්ථාවල රෝගීන් ඇද වැටීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් එම තීරණය ගෙන ඇති බව රෝහල් බලධාරීන් පවසනවා. එලෙස සාත්තු සේවා සඳහා යොදවන පුද්ගලයා පී සී ආර් පරීක්සණවලට ලක් කළ යුතු වන අතර එම වියදම්ද අදාළ රෝගියාගේ පාර්ෂවය දරාගත යුතු බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් එවැනි කොන්දේසි පැනවීමක් වෙනත් රෝහල්වල නොමැති බවත්, එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ද උල්ලංඝනය කිරීමක් බවත් ඇතැම් පාර්ශව පෙන්වා දෙනවා.

(Neth)