Tuesday, September 23, 2025
Follow Us
දැනට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 44,000 ආසන්නයේ ...

ඊයේ (16) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3466ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 3414 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි 52 දෙනෙකු වශයෙනි.

ඒත් සමග දැනට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 43921ක් දක්වා ඉහළ ගොස් තිබේ. නිල සංඛ්‍යාලේඛන අනුව මෙම අගය මෙතරම් ඉහළ මට්ටමකට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

එසේම මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 362074ක් දක්වා ඉහළ ගොස් ඇත.

(LNW)